World Wetland day : ලෝක තෙත් බිම් දිනය අද

World Wetland day : ලෝක තෙත් බිම් දිනය අද

ලෝක තෙත් බිම් දිනය (World Wetland day) අදට (පෙබරවාරි 02) යෙදී තිබේ. මෙවර ලෝක තෙත් බිම් දින තේමාව වන්නේ “තෙත්බිම් හා සම්ප්‍රදායික දැනුම සබැඳුණු සංස්කෘතික උරුමය සමරමු” යන්නයි.

2026 ලෝක තෙත් බිම් දින ජාතික සැමරුම් උත්සවය අද (2) පෙරවරුවේ බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2026 ලෝක තෙත් බිම් දිනයට සමගාමීව 14 වන පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස “ගෝනමැරියාව පාරිසරික ආරක්ෂක ප්‍රදේශය” ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුණි.

රැම්සා තෙත් බිම් සන්ධාන මහ ලේකම් කාර්යාලය විසින් සෑම වසරකම පෙබරවාරි මස 2 වනදා ලෝක තෙත් බිම් දිනය ලෙස නම් කර ඇති අතර, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද එය පිළිගෙන ඇත.

1971 වසරේ පෙබරවාරි 2 වැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹුණ 1991 දී ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට අත්සන් තැබුවේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *