විගණකාධිපති පත් කිරීම සම්බන්ධ අවසන් තීන්දු පෙබරවාරී 03 ගන්නවා – බිමල් රත්නායක

විගණකාධිපති පත් කිරීම සම්බන්ධ අවසන් තීන්දු පෙබරවාරී 03 ගන්නවා – බිමල් රත්නායක

විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අලුත් නමක් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් පෙබරවාරී 03 වැනි  අඟහරුවාදා ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණයක් ගන්නා බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේය.

“ජනාධිපතිතුමා එවා ඇති නාම යෝජනාව සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා සාකච්ඡා කළා. ඒක අධ්‍යනය කරන්න සාමාජිකයින්ට යම් කාලයක් අවශ්‍යයයි. ඒ නිසා පෙබරවාරි මාසේ 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙන දවසෙම මේ පිළිබඳව තීන්දුවක් ගන්නවා.” රත්නායක මහතා පැවසුවේය.

අද (31) මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *