පුරප්පාඩු වූ විගණකාධිපති ධුරයට ජනාධිපතිවරයා තවත් නමක් යෝජනා කරයි

පුරප්පාඩු වූ විගණකාධිපති ධුරයට ජනාධිපතිවරයා තවත් නමක් යෝජනා කරයි

දැනට පුරප්පාඩු වී ඇති විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (31) රැස්වීමට නියමිත අතර, එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා හතරක දී විගණකාධිපති තනතුර සඳහා නම් හතරක් යෝජනා කර තිබුණ ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි විධායක අධිකාරිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බැවින් අද දක්වා එම තනතුර හිස්ව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන රැස්වීම හෙට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ සම සභාපතිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *