පන්නිපිටිය මංසන්දියේදී පෞද්ගලික බස් රථයකට යටවී පදිකයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

පන්නිපිටිය මංසන්දියේදී පෞද්ගලික බස් රථයකට යටවී පදිකයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

මහරගම පොලිස් වසමට අයත් පන්නිපිටිය මංසන්දිය ආසන්නයේදී ඊයේ (27) දහවල් කාලයේ සිදුවූ රිය අනතුරකින් 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොට්ටාව දෙස සිට මහරගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, පන්නිපිටිය මංසන්දිය අසලදී මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා වහාම හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරු මේ වන විට මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මහරගම පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මකයි.

🚫 රියදුරන් සහ පදිකයන් වෙත අවධාරණයයි – මංසන්දිය සහ පදික මාරු ආසන්නයේදී රිය ධාවනය කිරීමේදීත්, පාර මාරුවීමේදීත් උපරිම අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටියි. ඔබේ සුළු අතපසුවීමකින් තවත් ජීවිතයක් අහිමි විය හැක.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *