බහාලුම් 323ක් නිදහස් කිරීම – මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට තීරණයක්

බහාලුම් 323ක් නිදහස් කිරීම – මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට තීරණයක්

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම ප.ව 2.00 ට රැස්වී විමර්ශන කටයුතු සිදු කිරීමට තීරණය කෙරිණි.

එම කාරක සභාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 21 වැනි දින පළමුවරට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි. ඒ අනුව කාරක සභාව හෙට (28) වැනි බදාදා ප.ව 2.00 ට නැවත රැස්වීමට නියමිත ය.

කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සහ කැඳවිය යුතු පාර්ශ්වයන් පිළිබඳ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ අතර සාමාජික මන්ත්‍රීවරයන් ඒ පිළිබදව සිය අදහස් පළ කළහ. මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *