හොරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් බදුල්ල නගරයේදී ඊයේ (26) පස්වරුවේ අඹගස්දෝව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් පොලිසිය විසින් සොයා ගත් බවත් සැකකාරිය මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ළඟ තබාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

