කාලගුණ අනාවැකිය පළාත් කිහිපයකට විටින් විට වැසි – නුවරඑළියට මල්තුහින

කාලගුණ අනාවැකිය පළාත් කිහිපයකට විටින් විට වැසි – නුවරඑළියට මල්තුහින

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (23) උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය

අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *