වී මිලට සහ සහල් මිලට කරන දේ ගැන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්

වී මිලට සහ සහල් මිලට කරන දේ ගැන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්

ඉදිරි කන්නයේ සිට වී මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති නමුත් සහල් මිලෙහි කිසිම වැඩි වීමක් සිදු නොවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා, “අපි දැනටමත් වී මිල සංශෝධනය කිරීමේ කාරණය මතු කර තිබෙනවා. විශේෂයෙන් නාඩු වී මිල රුපියල් 120 දක්වාත්, සම්බා වී මිල රුපියල් 125 සිට රුපියල් 130 දක්වාත්, කීරි සම්බා රුපියල් 132 සිට රුපියල් 140 දක්වාත් වැඩි කෙරෙන අතර එමඟින් ගොවීන්ට ප්‍රතිලාභ ලැබෙනවා. මේ තත්ත්වය තුළ ඉදිරි කන්නයේ සිටම ගොවීන්ට තම වී නව මිල ගණන් යටතේ අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි මීට ඉස්සර මෙම කාලය තුළ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වුණා. නමුත් අද වන විට සහල් මාෆියාව වැළැක්වීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා”.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *