නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ ‘රතු නිවේදනය’ යළි දීර්ඝ කරයි

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ ‘රතු නිවේදනය’ යළි දීර්ඝ කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (09) දින පෙ.ව 09.00ට නිකුත් කරන ලද හෙට (10) දින පෙ.ව. 09.00 දක්වා දීර්ඝ කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නවතම නිවේදනය අනුව මහ නුවර දිස්ත්‍රික්කයේ උඩු දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ආසන්න ප්‍රදේශ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රා.ලේ. කොට්ඨාශ සහ ආසන්න ප්‍රදේශ වෙත 03 අදියරේ ‘ඉවත්වීම‘ රතු නිවේදන නිකුත් කර ඇත.

මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ආසන්න ප්‍රදේශවලට 02 වන අදියරේ (ඇම්බර්) අවධානය නිවේදන නිකුත් කර ඇත.

එසේම බදුල්ල, මහ නුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්‍ත්‍රික්ක කිහිපයකට 01 අදියරේ (කහ) විමසිලිමත් නිවේදන ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *