කොහුවල තරුණියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ සැකකරුවන් ගිනි අවි සමඟ අත්අඩංගුවට

කොහුවල තරුණියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ සැකකරුවන් ගිනි අවි සමඟ අත්අඩංගුවට

2025.12.30 වන දින කොහුවල පොලිස් වසමේ බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකල වෙඩි තැබීමකින් තරුණියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයට අදාල යතුරුපැදියේ පැදිකරු, ගිනි අවිය භාරව කටයුතු කල සැකකරු, ගිනි අවි ප්‍රවාහනය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ  (03) දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිපලයක් බවට පොලිසිය විසින් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇති අතර වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 03ක්, 09 mm වර්ගයේ ජීව පතරොම් 10ක්,  හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් හා අපරාධයට යොදා ගත් යතුරුපැදි 02ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *