Swiss ski resort ඛේදවාචකය : ගින්නෙන් මිය ගිය ගණන 40ක් දක්වා ඉහළ

Swiss ski resort ඛේදවාචකය : ගින්නෙන් මිය ගිය ගණන 40ක් දක්වා ඉහළ

දකුණු ස්විට්සර්ලන්තයේ ski resort හි ඇතිවූ ගින්නෙන් මිය ගිය ගණන 40ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය  සඳහන් කරයි.

මෙම ගින්න අද (01) අළුයම 1:30ට පමණ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගිනිකෙළි හේතුවෙන් ඇති වූ පිපිරීමකින් මෙම ගින්න ඇති වූ බවට එරට පොලීසිය සැකපළ කරයි.

අලුත් අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් එම අවන්හලේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම ගින්න හටගෙන තිබේ. ගින්න ඇතිවන අවස්ථාවේ කොපමණ සංඛ්‍යාවක් සිටියාද යන්න නිල වශයෙන් මේ වන තෙක් තහවුරු වී නොමැති බව බීබීසී වාර්තාවක් සඳහන් කරයි.

ස්විට්සර්ලන්ත බලධාරීන් මේ වනවිට 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් බොහෝ දෙනෙකු දරුණු පිළිස්සුම් සහිතව සිටින බවටත් තහවුරු කර ඇත.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *