එජාප ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ සජබ නායක සජිත් අතර විශේෂ හමුවක්

එජාප ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ සජබ නායක සජිත් අතර විශේෂ හමුවක්

අපේ මාතෘභූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්තිමය විධිවිධාන සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූත් ධනාත්මක වූත් සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය සම පවත්වන ලද බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර අද (30) දහවල් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී සිදු වූ මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම් සහ උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව සිටි අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.

පැය කිහිපයක් මෙම සාකච්ඡාව පැවති අතර තව දුරටත් අදාළ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර ඇත.

මේ සම්බන්ධයෙන් සිය facebook ගිනුමේ සටහනක් තබමින් සජබ නායකයා මෙසේ සඳහන් කර තිබුණේය.

“අපේ මාතෘභූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්තිමය විධිවිධාන සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූත් ධනාත්මක වූත් සාකච්ඡා පවත්වන ලදි”.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *