විෂ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110 මිලිග්‍රෑම් 80 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන කොම්පඤ්ඥවීදිය, ගැලනි පැසේජ් නව ගුවන් පාලම යට සිටි පුද්ගලයෙක්ව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පසුගිය 19 වන දින රාත්‍රී 08.00 ට පමණ අත්අඩංගුවට ගත්හ.

49 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පදංචිකරුවෙකු වන ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී අනවාරණය වූ තොරතුරු අනුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ඊයේ (22) මත්ද්‍රව්‍ය සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එක් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 114 ක් සමඟ වැල්ලවත්ත ඩබ්. සිල්වා මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු මොරටුව මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩවත දළුවපිටිය ප්‍රදෙශයේ හෝටලයක් තුලදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1056 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1098 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4116 ක් සමඟය. ඔහු රාජගිරිය කඩුවෙල පාර, සමගි මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිතාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මත්ද්‍රව්‍ය ජාලයේ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මූලාශ්‍රය –  ශ්‍රී ලංකා පොලිසිය නිල ෆේස්බුක් පිටුව

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *