දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් රතු නිවේදන තව දුරටත් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් රතු නිවේදන තව දුරටත් දීර්ඝ කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ හතක් සඳහා 3 වන මට්ටමේ ‘රතු’ නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇත.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, මැදදුම්බර සහ මිනිපේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න, මතුරට, හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රා.ලේ. කොට්ඨාශ ඇතුළත් වේ.

බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  විසින් අද (22) දින නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *