දිට්වා වැනසූ වවුනියාවේ වැව් 132/134න් ප්‍රතිසංස්කරණය කර අවසන්

දිට්වා වැනසූ වවුනියාවේ වැව් 132/134න් ප්‍රතිසංස්කරණය කර අවසන්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් හානියට පත් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 134න් 132ක් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර අවසන්ව ඇති අතර මෙමඟින් මහ කන්නයේ වී වගාව වෙනුවෙන් ජලය ලබා දීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම, වාරි මාර්ග, පශු සම්පත් සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

විශාල ව්‍යවසනයක් සිදුව තිබියදීත් ඉතා කෙටි කාලයකදී සම්පූර්ණයෙන්ම ජලය ලබා ගත හැකි වන පරිදි වැව් 132ක වැඩ අවසන් කර ගැනීමට විශාල පිරිසක් දායක වූ බවත් වවුනියාව සිවිල් ආරක්ෂක බලකා නිලධාරින්, වවුනියාව ගුවන් හමුදා නිලධාරින්, දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන, දේශපාලන අධිකාරිය එකාවන්ව කැපවීමෙන් ක්‍රියාත්මක වීම තුළින් මෙය ජයග්‍රහණය කර ගැනීමට හැකි වූ බවත් කී අමාත්‍යවරයා මෙම සියලු දෙනාටම තමාගේ ස්තුතිය පිරිනමන බව ද කීවේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *