දිට්වාගෙන් කුඹුුරුවල තැන්පත් වූ වැලි වාණිජ කටයුතු සඳහා ප්‍රවාහනය සම්බන්ධයෙන් භූ විද්‍යා කාර්යංශයෙන් නිවේදනයක්

දිට්වාගෙන් කුඹුුරුවල තැන්පත් වූ වැලි වාණිජ කටයුතු සඳහා ප්‍රවාහනය සම්බන්ධයෙන් භූ විද්‍යා කාර්යංශයෙන් නිවේදනයක්

භූ විද්‍යා හා පතල් සභාපති අස්වෙයි - Lankadeepa Online

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් හා හේතුවෙන් වගා බිම් හා කුඹුරු ඉඩම්වල එක් රැස් වූ වැලි කැණීම සහා බලපත්‍රයක් අවශ්‍ය නො වුණ ද එම වැලි වාණිජ කටයුතු සඳහා ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් දීපානි වීරකෝන් මහත්මිය සඳහන් කළාය.

සාමාන්‍ය පරිදි වැලි කැණීමක් සිදුකිරීමේ දී සහ ප්‍රවාහනයේ දී ඒ සඳහා භු විද්‍ය හා පතල් කාර්යාංශය විසින් බලපත්‍රයක් නිකුත් කරනු ලැබුවත් මෙම අවස්ථාවේ දී කැණීම් බලපත්‍ර ගාස්තුවෙන් නිදහස් කළ බව ද ඇය පැවසුවාය.

වාණිජ කටයුතු සඳහා එම වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ගාස්තු වශයෙන් රජය විසින් යම් මුදලක් අය කරන බව සඳහන් කළ ඇය එම වැලි ප්‍රවාහනය මඟින් ලැබෙන බලපත්‍ර ගාස්තුව රාජ්‍ය භාගය සේ සැලකෙන අතර එහි ආදායම මහා  භාණ්ඩාගාරය වෙත යොමු කරන බව ද කීවාය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *