විපක්ෂ නායක සජිත් සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත අතර හමුවක්

විපක්ෂ නායක සජිත් සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත අතර හමුවක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන අද (15) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත Takafumi Kadono මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.

එහි දී ශ්‍රී ලංකාව බංකොලොත් වූ අවස්ථාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් නගා සිටුවීම උදෙසා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සිදු කිරිම සම්බන්ධයෙන් Takafumi Kadono මහතා වෙත විපක්ෂ නායක සජිත් සිය ස්තූතිය පිරිනැමීය. ඉන් අනතුරුව පවතින ආපදා තත්ත්වයෙන් සිදු වූ විනාශය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිත Takafumi Kadono මහතාව දැනුවත් කළ විපක්ෂ නායකවරයා මේ අසීරු අවස්ථාවේ නැවත රටක් ලෙස නැගී සිටීමට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *