නොවැම්බර් වාර ප්‍රවේශ පත්‍ර මේ මාසයෙත් වලංගුයි – ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති

නොවැම්බර් වාර ප්‍රවේශ පත්‍ර මේ මාසයෙත් වලංගුයි – ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති

නොවැම්බර් වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කරමින් ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ බස් රථවල මෙම මාසයේ ගමන් කිරීමට පාසල් සිසුන්ට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

ඒ අනුව, පසුගිය මාසයේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් සිසුන්ට මෙම සහනය ලබා ගත හැකිය. මෑත කාලීන ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ පාසල් අද (15) දින නැවත විවෘත කළ හෙයින් මෙම තීන්දුව ගත් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *