විපතට පත් ගොවීන්ට ලැබිය යුතු සහන සියල්ල වහාම ලැබිය යුතුයි – කෘෂිකර්ම ඇමති

විපතට පත් ගොවීන්ට ලැබිය යුතු සහන සියල්ල වහාම ලැබිය යුතුයි – කෘෂිකර්ම ඇමති

දිට්වා සුළි කුණා‌ටුවෙන් පීඩාවට ගොවියාට ලැබිය යුතු සියල්ල ලැබිය යුතු බවත්, එය වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් කෘෂික්ම අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. හැකි ඉක්මනින් වගා බිම් සකස් කර වගාව ආරම්භ කිරීමට සූදානම් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ආපදා තත්ත්වය හමුවේ වී නිෂ්පාදනයේ ඉදිරි පියවර ගැනීම පිළිබඳ ගොවිජන මන්දිරයේ ඊයේ (12) පැවැති සාකච්ඡාවේ දීය.

2025/26 මහ කන්නයේ වී වගා කිරීමේ ඉලක්කය හෙක්ටයාර 869, 622කි. ව්‍යසනය සිදුවන නොවැම්බර් 28 වන දින වන විට වගා කරන ලද ප්‍රමාණය හෙක්ටයාර 620, 136කි. මෙම ව්‍යසනය මගින් හානියේ ප්‍රමාණය හෙක්ටයාර 106,293ක් බව පෙන්නුම් කළ අතර මෙම ආපදා තත්ත්වයෙන් නැවත වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 95,000ක් බව මෙහිදී හඳුනාගෙන ඇත. එය 90% ප්‍රතිශතයකි. නොවැම්බර් 28 වන දින වගා නොකළ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 249,486 කි. වගා නොකළ බිම්වලින් හෙක්ටයාර 2039ක් හානි වී ඇති බව අදාළ නිලධාරීන් විසින් මෙහිදී අමාත්‍යවරයාට  පෙන්වා දුන්නේය.

මෙහි ප්‍රධාන වශයෙන් බිත්තර වී සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ අතර, වී අලෙවි මණ්ඩලය පෙන්වා දුන්නේ ගොවීන්ට බිත්තර වී ද ඇති බවත් ඒවා නැවත වගා කිරීම සඳහා භාවිතා කළ හැකි බවත්ය.

දිට්වා සුළි කුණා‌ටුවෙන් පීඩාවට ගොවියාට ලැබිය යුතු සියල්ල ලැබිය යුතු බවත්, එය වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් කෘෂික්ම අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. හැකි ඉක්මනින් වගා බිම් සකස් කර වගාව ආරම්භ කිරීමට සූදානම් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු කෘෂකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටීහ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *