කොළඹ ගංවතුර පාලනයට ගන්නා ඉදිරි දැඩි පියවර ගැන අගමැතිනිය කළ දැඩි ප්‍රකාශය

කොළඹ ගංවතුර පාලනයට ගන්නා ඉදිරි දැඩි පියවර ගැන අගමැතිනිය කළ දැඩි ප්‍රකාශය

සැලසුමක් නැතිව නීතිරීති ගැන කිසිම තක්සේරුවක් නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කියන නාමයෙන් අනවසර ඉදිකිරීම් කරන්නත් ජනාවාස හදන්නත් ඉඩදිය නොහැකි බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අතිශ්‍යයින්ම පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදුකිරීම බව ද ඇය පැවසුවාය.

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය, “මින් ඉදිරියට මේ විදියට අනවසර ඉදිකිරීම් කරන්න, ඒ වගේම අවදානම් සහිත තැන්වල මේ විදිහට  ඉදිකිරීම් කරන්න කිසිසේත්ම ඉඩතියන්නේ නෑ කියන එක අපි තහවුරු කළා. කොළඹ දිස්ත්‍රික්කය තුළ අවදානම් සහිත ප්‍රදේශවල ඉන්න ජනතාවට විකල්පයන් ගත යුතුයි කියලා අපි සාකච්ඡා කළා. අපිට සැලසුමක් නැතිව නීතිරීති ගැන කිසිම තක්සේරුවක් නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කියන නාමයෙන් අනවසර ඉදිකිරීම් කරන්නත් ජනාවාස හදන්නත් ඉඩදෙන්න බෑ. ඒ නිසා කොළඹ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන විදියට කටයුතු කළ යුතුයි.  කොළඹ ජනතාවට වාර්ෂිකව ගංවතුර ජීවිතේ කොටසක් වෙන විදියට වැඩ කරන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ. ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ආයතන එක්ක අපි සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව අපි යෝජනා කරලා තියෙනවා සියලුම ආයතන එකතු වෙලා කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට පොදු සැලැස්මක් ඉදිරිපත් කරලා ඒ අනුව කටයුතු කරන්න”.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *