මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳව අගමැතිය කියන්නේ කුමක් ද ? – ඉදිරියේ දී ගන්නා නව පියවර මොනවා ද ?

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳව අගමැතිය කියන්නේ කුමක් ද ? –  ඉදිරියේ දී ගන්නා නව පියවර මොනවා ද ?

විධිමත් පුහුණුවක් සහිත ගුරුවරුන්ගෙන් යුතු රජයේ ලියාපදිංචි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂය මාලා රාමුවට අදාළව ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික් නියෝජනය කරමින් විශ්ව පෙර පාසල් ගුරු සංගමයේ සාමාජිකාවන් සමඟ ඊයේ (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙහිදී අගමැතිවරිය පෙන්වා දුන්නේ පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

මෙම සාකච්ඡාවේ දී මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුවට අනුකූළව පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා සුදුසුකම් ලත් පුහුණු කරුවන් තෝරා ගැනීම,  පෙර පාසල් ගුරුවරුන්  සඳහා විධිමත්  පුහුණුවක්  ලබා දීම, පෙර පාසල් ගුරුවරුන්ට දීමනා සහ දායකත්ව විශ්‍රාම වැටුපක් ලබා දීම වෙනුවෙන් මුදල් කොමිසම සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු විය.

පෙර පාසල් නියාමනය කිරීම සහ රජයේ ලියාපදිංචි පෙර පාසල් හරහා දරුවන්ට විධිමත් මුල් ළමාවිය අධ්‍යාපනයක් ලබා දීමේ වැදගත්කම හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් හරහා රජය සහ පෙර පාසල් අතර විධිමත් සම්බන්ධිකරණයක් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *