සජිත් සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර සාකච්ඡාවේදී සජිත්ගෙන් ඉල්ලීම් රැසක්

සජිත් සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර සාකච්ඡාවේදී සජිත්ගෙන් ඉල්ලීම් රැසක්

නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැළපෙන පරිදි ඉන්දු – ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සහන් වේ.

ඉන්දියාවේ සංචාරයක නිරත  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමඟ අද (04) එරට මුදල් අමාත්‍යාංශයේ දී සාකච්ඡා කළේය. එහි දී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ සාකච්ඡා කළහ.

ඉන්දියාව වැනි විශාල වෙළෙඳපොළකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව පැවසූ මුදල් අමාත්‍යවරිය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බව අවධාරණය කළාය.

ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා – ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර, නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉන්දීය මුදල් අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ඊයේ හමුවූ අවස්ථාවේදී ඉන්දියානු කර්මාන්ත සඳහා කැප වූ ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබේ.

මූලාශ්‍රය – විපක්ෂ නායක මාධ්‍ය ඒකකය

 

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *