පාසල් සිසුන්ට දෙන්න ගෙනා, මත්පෙති ලක්ෂ 3ක් අත්අඩංගුවට

පාසල් සිසුන්ට දෙන්න ගෙනා, මත්පෙති ලක්ෂ 3ක් අත්අඩංගුවට

පාසල් සිසුන් ඉලක්ක කරගෙන විකිණීම සඳහා මෙරටට ගෙන්වන ලද මත් පෙති 359000කට අධික තොගයක් ප්රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට ලැබුන තොරතුරක් අනුව කල්පිටියේ සිට වවුනියාව දක්වා ගමන් කරමින් තිබුණ ඩබල් කැබ් රථයක් පරික්ෂා කිරීමේදී, මෙම මත් පෙති තොගය සොයාගත් අතර ඒ සමඟ අත්අඩංගුවට ගත් කල්පිටිය ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී ඔහු ප්රකාශ කර ඇත්තේ, මෙම මත් පෙති තොගයේ වෙළඳ වටිනාකම රුපියල් මිලියන 100ක් බවය.
මෙම මත් පෙති තොගය ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් මුහුදු මාර්ගයෙන් ගෙනැවිත් ඇති බවත්, පාසල් සිසුන් ඉලක්ක කර ඔවුන්ට මෙම පෙති රුපියල් 300 බැගින් අලෙවි කිරීමට නියමිතව තිබූ බවත් පොලීසිය අනාවරණය කරගෙන ඇත.

මේඝ

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *