විමර්ශන සඳහා සෘජුවම සහය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමක්

විමර්ශන සඳහා සෘජුවම සහය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමක්
මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා පවත්වාගෙන යනු ලබන විමර්ශන සඳහා මෙන්ම ඉදිරියේදී ආරම්භකරන සියලු පොලිස් විමර්ශන සඳහා ජාතික රක්ෂණ නියාමන කොමිසන් සභාවේ සහයෝගය පොලිසියට අත්යවශ්ය වේ.
ඒ සඳහා අ‌න්යේන්ය සහයෝගීතාවය තහවුරු කර ගනිමින් 2026.01.29 දින සවස පොලිස් මූලස්ථානයේදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට එළඹුනි. යම් සැකකරුවෙකු හෝ ආයතනයක් ලබාගෙන තිබෙන රක්ෂණාවරණයක් පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ ක්රියාමාර්ගයකින් තොරව කඩිනමින් තොරතුරු රැස්කිරීමේ හැකියාව මෙමගින් පොලිසියට හිමි වේ.
පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා, ශ්රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්ර ද මෙල් මහතා ඇතුලුව එම කාර්ය මණ්ඩලයේ නිලධරයන් අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී විය.
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *