ටිපර් රථයේ ගැටුණු යතුරු පැදිකරු මරුට

ටිපර් රථයේ ගැටුණු යතුරු පැදිකරු මරුට

රිදීමාලියද්ද පොලිස් වසමේ බිබිල පදියතලාව මාර්ගයේ අරාව ප්‍රදේශයේදී ඊයේ (12) බිබිල දෙස සිට පදියතලාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ඇකිරියන්කුඹුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇත.

මරණකරු වයස අවුරුදු 23 ක් වූ ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  මෘත ශරීරය ඇකිරියන්කුඹුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *