ඉන්දියාව යළි ශ්‍රී ලංකාවේ සහායට එයි – දිට්වාගෙන් බැට කෑ රට ගොඩගන්න දෙන සහාය මෙන්න !

ඉන්දියාව යළි ශ්‍රී ලංකාවේ සහායට එයි – දිට්වාගෙන් බැට කෑ රට ගොඩගන්න දෙන සහාය මෙන්න !

ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 450ක් ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසයි.

අද (23) කොළඹ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙයට සහනදායී ණය මාර්ග වශයෙන් රුපියල් මිලියන 350ක් සහ ප්‍රදාන වශයෙන් ඩොලර් මිලියන 100ක් ඇතුළත් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

අද (23) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති සාකච්ඡාවේ විස්තර හෙළි කරමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවති බවයි.

“අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලිපිය අපගේ පළමු ප්‍රතිචාරක භූමිකාව මත ගොඩනැගෙන අතර ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් කැප කරයි. අපගේ සාකච්ඡා කේන්ද්‍රගත වූයේ මෙම කැපවීම කෙතරම් ඉක්මනින් ලබා දිය හැකිද යන්න වටා ය,” ජයශංකර් පැවසීය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *