නාවලපිටිය – මහ නුවර ප්‍රධාන මාර්ග යළි රථවාහන ධාවනයට විවෘත වෙයි -බර වාහන ධාවනයට සීමා

නාවලපිටිය – මහ නුවර ප්‍රධාන මාර්ග යළි රථවාහන ධාවනයට විවෘත වෙයි -බර වාහන ධාවනයට සීමා

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයාමකින් අවහිර වූ නාවල්පිටිය-මහනුවර ප්‍රධාන මාර්ගය දින 18 කට පසු අද (15) නැවත ගමනාගමනය සඳහා විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම මාර්ගයේ බර වාහන ගමන් කිරීම සඳහා සීමාවන් පනවා ඇත.

ඉහළ බෑවුමෙන් තවදුරටත් නායයෑම් අවදානමක් පවතින බවත්, ස්ථිර විසඳුම් ලබා දෙන තුරු, මාර්ගය පාලිත ගමනාගමනය සඳහා පමණක් ආරක්ෂිත කර ඇති බවත් ස්ථානයේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු ප්‍රවේශමෙන් වාහන ධාවනය කරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

මාර්ග සංවර්ධන අධිකාරිය, 6 වන ඉංජිනේරු රෙජිමේන්තුව, නාවල්පිටිය සහ ඇත්ගල පොලිස් ස්ථාන සහ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ සහභාගීත්වයෙන් අලුත්වැඩියා කටයුතු සිදු කරන ලද බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *