සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ දෙමාපියන් අහිමි වූ පාසල් දරුවන්ට පමණයි – අධ්‍යාපන අමාත්‍යාංශය

සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ දෙමාපියන් අහිමි වූ පාසල් දරුවන්ට පමණයි – අධ්‍යාපන අමාත්‍යාංශය

සුරක්ෂා රක්ෂණ ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන්නේ දෙමව්පියන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වූ දරුවන්ට පමණක් බව අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේය.

විධිවිධානවලට යටත්ව මෙම පියවර ගන්නා බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා  දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ අනෙකුත් පාසල් දරු දැරියන්ටත්  ප්‍රතිලාභ පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද පැවසුවේය.

‌මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පසුගිය දා ප්‍රකාශ කළේ ආපදාවෙන් බලපෑමට ලක් වූ දරුවන්ට සුරක්ෂා රක්ෂණය ප්‍රතිලාභ ලබා දෙන්නේ කෙසේදැයි රජය තවමත් ප්‍රකාශ කර නොමැති බවයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *