සක්‍රීය වී තිබෙන ඊසාන දිග මෝසම් වර්ෂාව ගැන කාලගුණයෙන් විශේෂ හෙළිදරව්ක්

සක්‍රීය වී තිබෙන ඊසාන දිග මෝසම් වර්ෂාව ගැන කාලගුණයෙන් විශේෂ හෙළිදරව්ක්

ඊසාන දිග මෝසම් සක්‍රීය වීීමත් සමඟ පසුගිය වර්ෂ 30ක කාල සීමාවකට අදාළව ඊසාන දිග මෝසම් වර්ෂාපතන දත්ත සලකා බැලීමේ දී උතුරු පළාත තුළ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනුෂා වර්ණසූරිය මහත්මිය පවසයි.

ඇය පෙන්වා දුන්නේ උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍යයට අගයට ආසන්න සහ බටහිර සහ දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන වලින් පෙනී යන බවයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාණයේ පැවති ‘මෝසම් පෙර  සුදානම් දැනුවත් කිරීමේ වැඩසටහන’ නම් වැඩසටහනේදීය.

විශේෂයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එසේ වුවහොත් අධික වැසි, ගංවතුර සහ නායයෑම් සිදුවිය හැකි බැවින්, අදාළ ආයතන විසින් සපයනු ලබන උපදෙස් සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර කෙරෙහි මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *