‘දිට්වා’ බලපෑම සැලකිල්ලට ගනී : දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම් දීමක්

‘දිට්වා’ බලපෑම සැලකිල්ලට ගනී : දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම් දීමක්

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන්  සිය ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වනදා හෝ එදිනට පෙර භාර නොදුන්නහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීම සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) නව නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නව නිවේදනයෙන් සඳහන් කරන්නේ අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය.

දේශීය ආදායම්  දෙපාර්තමේන්තුව පසුගියදා දන්වා සිටියේ, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ඔවුන්ගේ ආදායම් වාර්තා 2025 නොවැම්බර් 30 වනදා හෝ ඊට පෙර ගොනු කළ යුතු බවය.

කෙසේ වෙනත් ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සහ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට බලපාන ලද අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බොහෝ බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයින්ට නියමිත කාල සීමාව තුල ආදායම් වාර්තා ගොනුකිරීමේ අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වී ඇත.

එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බදු ගෙවන්නන්  2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් වාර්තා 2025 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර ගොනු කරන්නේ නම් වාර්තා ප්‍රමාද වී ගොනුකිරීම සඳහා දේශීය ආදායම් පනතේ වන නීතිමය ප්‍රතිපාදන වන දණ්ඩන පැනවීම, තක්සේරු නිකුත් කිරීම හෝ අපරාධ නඩු පැවරීම ආදියෙන් තොරව නම ආදායම් වාර්තා ගොනු කිරීමට හැකියාව සලසා තිබේ.

ඒ අනුව වාර්තා මෙතෙක් භාරදීමට නොහැකි වූ සියලුම බදු ගෙවන්නන්හට ආදායම් වාර්තා ගොනුකිරීම සඳහා ලබා දී ඇති මෙම සහන කාලය භාවිතා කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටී.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *