නිල කාලගුණ නිවේදනය: බස්නාහිර ඇතුළු දිස්ත්‍රික්ක 07කට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

නිල කාලගුණ නිවේදනය: බස්නාහිර ඇතුළු දිස්ත්‍රික්ක 07කට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Sri Lanka Weather Map

2025 දෙසැම්බර් මස 05 දින ප.ව. 2.00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනය

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින්තැන පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *