2003 සහ 2016 ආපදා හැසිරවීම පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමට හිටපු ජනපති රනිල් සූදානම්

2003 සහ 2016 ආපදා හැසිරවීම පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමට හිටපු ජනපති රනිල් සූදානම්

දිට්වා” සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන අහිතකර තත්ත්වය හමුවේ ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලු පක්ෂ නායකයින් කැඳවීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ සියලුම පක්ෂ නායකයින් බදාදා (3) මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී රැස්වීමට නියමිත බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පෙර ස්වභාවික විපත්වලට සාර්ථකව මුහුණ දීමෙන් ලබාගත් අත්දැකීම් මත පදනම් වූ සාකච්ඡාවලින් අනතුරුව, ඉදිරියේ දී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරනු ඇතැයි වජිර අබේවර්ධන මහතා පැවසීය.

2003 සහ 2016 ගංවතුර සහ ගංවතුරෙන් පසු කාලය තුළ ගත් පියවර පිළිබඳව මෙම රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව මෙම ස්වාභාවික ව්‍යසනයෙන් පසු පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයින් එකම ස්ථානයකට කැඳවන පළමු අවස්ථාව මෙය බවත් එජාප සභාපතිවරයා පැවසීය

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *