ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දියාවෙන් ආධාර

ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දියාවෙන් ආධාර
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දීය රජය සහ එරට ජනතාව විසින් සිදු කරන ලද ආධාර රැගත් ගුවන් යානයක් අද (29) අලුයම මෙරටට ළගා විය.
කූඩාරම්, පොරෝන, සනීපාරක්ෂක කට්ටල සහ ආහාර ද්රව්ය ඇතුළු ටොන් 12කට ආසන්න මානුෂීය ආධාර තොගයක් මෙම පරිත්යාගයට ඇතුළත් අතර, ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් ඒවා නිල වශයෙන් භාර ගන්නා ලදී.
මීට අමතරව පොරෝන, පැදුරු, මදුරු දැල්, සූර්ය බල ලාම්පු, කූඩාරම්, කාන්තාවන් සඳහා වන අත්යවශ්ය ද්රව්ය කට්ටල (female dignity kits) ඇතුළු ටොන් 9ක සහනාධාර තොගයක් සහ ඉන්දීය ජාතික ආපදා ප්රතිචාර බලකායේ (NDRF) නිලධාරීන් පිරිසක් රැගත් තවත් ඉන්දීය ගුවන් යානයක්ද අද අලුයම මෙරටට පැමිණියේය.
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *