කොළඹ තත්ත්වය බරපතළ අවදානමක – පවුල් 1217ක් අවතැන් – පුද්ගලයින් 99,668ක් පීඩාවට

කොළඹ තත්ත්වය බරපතළ අවදානමක – පවුල් 1217ක් අවතැන් – පුද්ගලයින් 99,668ක් පීඩාවට

කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අද (29) උදෑසන වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1,217 ක පුද්ගලයින් 6,016 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථානවල නවාතැන් ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 25,159ක පුද්ගලයින් 99,668 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

මේ අතර ජල මට්ටම අඛණ්ඩව ඉහළ යන විට කැළණි ගඟේ දරුණු ගංවතුර අවදානම ක්‍රමයෙන් වැඩි වන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

කැළණි ගඟ දැනටමත් ප්‍රධාන ගංවතුර මට්ටමකට ළඟා වී ඇති බවත්, නාගලගම් වීදියේ මාපකයේ අඩි 6.4ක් වාර්තා වී ඇති බවත් දෙපාර්තමේන්තුව පැවසීය.

නාගලගම් වීදියේ ජල මාපකයේ මට්ටම අඩි 7 ඉක්මවූ පසු එය තීරණාත්මක ගංවතුර අවධියක් ලෙස සලකන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *