දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක ජනතාවට ‘ඉවත් වීමේ රතු නිවේදන’

දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක ජනතාවට ‘ඉවත් වීමේ රතු නිවේදන’

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක් සඳහා අධියර 3 යටතේ ‘ඉවත්වීමේ රතු නිවේදන’ නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත.

මෙසේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති දිස්ත්‍රික්ක වන්නේ, බදුල්ල, කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල, නුවරඑළිය සහ කෑගල්ලය. ඒ අනුව,

  1. බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, බදුල්ල, හාලි ඇල, කන්දකැටිය, පස්සර, ඌව පරණගම,  ⁠වැලිමඩ, ⁠ලුණුගල, ඇල්ල, බණ්ඩාරවෙල, සොරණාතොට, හල්දුම්මුල්ල,
  2. කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, සීතාවක,
  3. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල,
  4. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, හොරණ
  5. මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත, ගගවට කෝරළය, දොළුව, මිණිපෙ, පාතහේවාහැට, මැදදුම්බර, දෙල්තොට, අකුරණ, ගග ඉහළ කෝරළය, පාතදුම්බර, යටිනුවර, තුම්පනේ, උඩුනුවර, හාරිස්පත්තුව, පූජාපිටිය, පස්බාගෙ කෝරළය, පන්විල, හතරලියද්ද, කුණ්ඩසාලේ,
  6. කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රඹුක්කන, අරණායක, බුලත්කොහුපිටිය, ගලිගමුව, ⁠කෑගල්ල, යටියන්තොට, දෙහිඹ්විට, රුවන්වැල්ල, වරකාපොල, දැරණියගල,
  7. කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, මල්ලවපිටිය, නාරම්මල, අලව්ව,
  8. මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, රත්තොට, අඹන්ගග කෝරළය, උකුවෙල, විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලෙපොල, ලග්ගල පල්ලේගම,
  9. මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල, මැදගම,
  10. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හගුරන්කෙත, නිල්දණ්ඩාහින්න, මතුරට, නුවරඑළිය, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, තලවකැලේ, නෝර්වුඩ්
  11. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, රත්නපුර, ඇහැළියගොඩ, කුරුවිට, කොලොන්න, ඇලපාත,  ⁠අයගම, බලංගොඩ, කලවාන, ඉඹුල්පෙ,  ⁠කහවත්ත, නිවිතිගල, ඹ්පනායක, ගොඩකවෙල, පැල්මඩුල්ල

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉවත්වන ලෙස රතු නිවේදන නිකුත් කර තිබේ.

 

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *