ආපාදවලින් විපතට පත් විදේශීය සංචාරකයින්ට අත්‍යවශ්‍ය සේවා සපයන ලෙස ජනපතිගෙන් නියෝගය

ආපාදවලින් විපතට පත් විදේශීය සංචාරකයින්ට අත්‍යවශ්‍ය සේවා සපයන ලෙස ජනපතිගෙන් නියෝගය

රට තුළ පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන විදේශීය සංචාරකයින්ට අත්‍යවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව සැපයීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංචාරක අධිකාරියට උපදෙස් දී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (27) රාත්‍රියේ පැවති ජාතික ආපදා කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් සංචාරක අධිකාරියට උපදෙස් දුන් බවයි.

මෙම රැස්වීමට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දැනට ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විමසූ අතර, පවතින හදිසි තත්ත්වය සහ ඔවුන්ගේ ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අදාළ රටවල් දැනුවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට යෝජනා කළේය.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *