ප්‍රවාහන ඇමැති බස් රථ හිමියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

ප්‍රවාහන ඇමැති බස් රථ හිමියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

දුර ගමන් මගී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලුම බස් රථ සඳහා ජනවාරි 1 වනදා සිට මූලික මාර්ග යෝග්‍යතා සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක කියයි.

ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ මාර්ග යෝග්‍යතා පරීක්ෂණය වාර්ෂිකව සිදු කළ යුතු බවත් සෑම බස් රථයක්ම නිල සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය බවත්ය.

අනතුරක් හෝ වෙනත් මාර්ග අනතුරක් සිදුවුවහොත් පොලිස් පරීක්ෂණ වලදී මාර්ග යෝග්‍යතා සහතිකය අත්‍යවශ්‍ය වන බව සඳහන් කළ අමාත්‍යවරයා සහතික කළ පරීක්ෂණ මධ්‍යස්ථානවලදී තම බස්රථ පරීක්ෂා කරන ලෙස ඔහු බස් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *