බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

කුකුළු ගොවිපොළ හිමියන් දැඩි බඩ ඉරිඟු හිඟයකට මුහුණ දී සිටින බවත් ඉහළ මිලකට  අමුද්‍රව්‍ය  මිලදී ගැනීමට සහ ආනයන මත දැඩි ලෙස යැපීමට සිදුවීම හේතුවෙන් ගැටලුව තවත් උග්‍රවී ඇති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු ඇඟවීය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ලේකම් රත්නසිරි අලහකෝන් පැවසුවේ රටට වාර්ෂිකව බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 650,000ක් අවශ්‍ය වන නමුත් දේශීය වගාව මෙට්‍රික් ටොන් 250,000-300,000ක් පමණක් බවයි. දේශීය නිෂ්පාදනය කිසිසේත් ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට බඩ ඉරිඟු  කිලෝවක් රුපියල් 190 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ඔහු මේ මිල දරා ගැනීමට කුකුළු ගොවිපොළ හිමියන්ට අසීරු බව ද කීවේය.

බඩ ඉරිඟු හිඟය දිගටම පැවතුනහොත් බිත්තර මිල යළි ඉහළ යනු ඇති බව ද පෙන්වා දුන් ඔහු රජය මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *