ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන එහි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිසක් තවදුරටත් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහ අද (21) නියෝග කළේය.

ඒ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරුවන් පිරිස සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මෙතෙක් සිදුකළ විමර්ශන පිළිබඳ වාර්තාවක් ද අද  අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ වන විට වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයෙන් පසු වන සුපුන් ප්‍රදීප් කුමාර නමැති සැකකරු මෙම නඩුකරයේ 35 වන සැකකරු ලෙස නම් කිරීමට අවසර දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *