SL Purchasing Managers’ Index: නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

SL Purchasing Managers’ Index: නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2025 ඔක්තෝබර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 61.0ක අගයක් වාර්තා කළේය. මෙම වැඩිවීම පුළුල් පදනමක් මත සිදුවූ අතර සියළුම උප දර්ශක මෙම ප්‍රසාරණය සඳහා ධනාත්මක ලෙස දායක විය.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, පෙර මාසයට සාපේක්ෂව 2025 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 66.0ක අගයක් වාර්තා කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *