නව දුම්රිය රියැදුරන් 85කට පත්වීම්

නව දුම්රිය රියැදුරන් 85කට පත්වීම්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති දුම්රිය රියදුරු සහ නියාමක යන තනතුරු වෙනුවෙන් විවෘත තරඟ විභාගයන්ගෙන් සුදුසුකම් ලත් පිරිසක් වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීම, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතින් අද (14) සිදු කෙරිණි.

මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයේ පැවති උත්සවයකදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදුවිය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85 දෙනකු සහ නියාමකවරුන් හය දෙනකු වෙනුවෙන් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පත්වීම් ලිපි ලබා දුන්නේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *