උසස් පෙළ උපකාරක පංති ඇතුළු දැනුවත් කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

උසස් පෙළ උපකාරක පංති ඇතුළු දැනුවත් කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ  අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවකු වන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *