වනාන්තර පද්ධතිවලට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම් දීමට ක්ෂණික දුරකථන අංකයක්

වනාන්තර පද්ධතිවලට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම් දීමට ක්ෂණික දුරකථන අංකයක්

ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතිවලට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම්දීමට “වන සුරැකුම්” නමින් ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයක් හෙට (03) විවෘත කෙරෙන බවත්, මෙම ඒකකයට අනුබද්ධ 1955 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ වනාන්තර පද්ධතියට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පවසයි.

වන සුරැකුම් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

වනාන්තර ගිනි තැබීම්, අනවසර එළි කිරීම්, අලි ඇතුන් ඇතුළු වන ජීවීන්ට සිදුකරන අපරාධ සහ වනාන්තර පද්ධතිවලට සිදුවන ඕනෑම හානියක් සම්බන්ධයෙන් මෙම 1955 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ මෙම මෙහෙයුම් මාධ්‍යස්ථානයට දැනුම් දිය හැකිය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක වන බව ද පරිසර අමාත්‍යවරයා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *