එල්ලා මැරීමට නියමිත 826 අතර පාසල් සිසුන් පහක්

එල්ලා මැරීමට නියමිත 826 අතර පාසල් සිසුන් පහක්

මරණ දඬුවම් සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් වසර ගණනක් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සම්බන්ධව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂ නානායක්කාර මහතා සඳහන් කළේ ය.

විනිසුරු තුරේයිරාජගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම කමිටුව ගත හැකි පියවර සොයා බලමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

එල්ලා මැරීමට නියමිත සිරකරුවන් 826 දෙනකු මේ වන විට මෙරට බන්ධනාගාරවල සිටින අතර ඔවුන් අතරින් 805 දෙනකු පිරිමි සහ 21 දෙනකු ගැහැනු සිරකරුවෝ වෙති. පිරිමි සිරකරුවන් අතර පාසල් සිසුන් පස් දෙනකු ද සිටින බව බන්ධනාගාර වාර්තා කියයි.

චතුරී සමරවීර

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *