අගමැතිනිය ඇතු`ඵ 48ක් ඉන්ධන දීමනාව එපා කියයි

අගමැතිනිය ඇතු`ඵ 48ක් ඉන්ධන දීමනාව එපා කියයි

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතු`ඵ මැති ඇමැතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුව විසින් ලබාදෙනු ලබන ඉන්ධන දීමනාව ලබා නොදෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.ඒ අනුව 13 දෙනකු මෙම වසරේ මාර්තු මස සිටද 16 දෙනකු අප්රේල් මස සිටද ඉතිරරි පිරිස මැයි, ජූනි, ජූලි, අගෝස්තු යන මාසවල පටන් ඉන්ධන දීමනාව නවතා දමන ලෙස ඉල්ලා ඇත.
ඇමැතිවරුන් වන රාමලිංගම් චන්ද්රසේකර, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, ධම්මික පටබැඳි, නාමල් කරුණාරත්න, උපාලි සමරසිංහ යන මහත්වරුන් පසුගිය සැප්තැම්බර් මස සිට තමන්ට ඉන්ධන දීමනාව අවශ්ය නොවන බව පාර්ලිමේන්තුව වෙත දන්වා තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රිවරු සඳහා ගෙවනු ලබන මාසික වැටුප හා දීමනා ඔවුන්ගේ නමින් ඇති බැංකු ගිණුම් වෙත ඔවුන්ගේ ලිඛිත ඉල්ලීම් පරිදි බැර කරන බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

ඇම්.ඩී. ධර්මසිරි

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *