මනූෂ හිතවතුන් 11530කගේ ලැයිස්තුවක් යවලා, ලැයිස්තුවෙන් 80%ක් ගාල්ලේ

මනූෂ හිතවතුන් 11530කගේ ලැයිස්තුවක් යවලා, ලැයිස්තුවෙන් 80%ක් ගාල්ලේ

ඊශ්රායෙලයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා නියමිත ක්රමයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා අයදුම් කළ පුද්ගලයන් 29690ක් සිටියත්, හිටපු අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීම උඩ, ඔහුට දේශපාලනිකව හිතවත් පුද්ගලයින් 11530කගේ ලැයිස්තුවක් ඊශ්රායලය වෙත යවා ඇතැයි අධිකරණයට කරුණු වාර්තා වෙයි.
පසුගිය 16දා අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්ය මනූෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අතර එහිදී එම කොමිසම වෙනුවෙන් සහකාර අධ්යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සැකකරුට විරුද්ධව එල්ලවෙන ප්රධාන චෝදනා සවිස්තරාත්මකව ඉදිරිපත් කළ අතර එහිදී ඇය ප්රකාශ කළේ ඉහත ලැයිස්තුවට ඇතුළත් වූ අයදුම්කරුවන්ගෙන් 80%ක්ම ගාල්ල ප්රදේශයේ පුද්ගලයන් බව අනාවරණය වී ඇති බවය.
මෙම ක්රියාවලියේදී හිටපු අමාත්යවරයා එම කාර්යාංශයේ නිලධාරීන්ට බලපෑම් කර ඇති බවට නිලධාරීන් දිවුරුම් ප්රකාශ ලබා දී ඇති බවද මෙහිදී අධිකරණයේදී කරුණු අනාවරණය වී ඇත.
ඊශ්රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්රමිකයින් යැවීමේ වැඩසටහනේදී දූෂණ සහ අක්රමිකතා සිදුව ඇතැයි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් පවත්වමින් සිටින අතර ඊට අදාළ නඩු විභාගයේදී මෙම කරුණු හෙළිවිය.

කේ. සංජීව

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *