තරු පහේ හෝටලයක දිවි නසා ගැනීමක්

තරු පහේ හෝටලයක දිවි නසා ගැනීමක්
කොළඹ තරුපහේ හෝටලයකට පැමිණ කැසිනෝ ක්රීඩාවේ නියැලුණු 45 හැවිරිදි පුද්ගලයකු එම හෝටල් කාමරයේදීම දිවි නසාගෙන ඇත.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එම පුද්ගලයා දින කිහිපයකට පළමුව එම හෝටලයේ කාමරයකට පැමිණි බවත් පෙර දින රාත්රියක (02) ඔහු කැසිනෝ ක්රීඩාවෙන් සැලකිය යුතු මුදලක් කැසිනෝ ක්රීඩාවෙන් පරාජය වූ බවත්ය.
ඒ අනුව ඊට පසුදින (03) මෙකී පුද්ගලයාගේ කාමරය දොර අගුළු දමා තිබු බව ද ඔහු අමතා කතා කළ ද පිළිතුරක් නොලැබුණු බැවින් හෝටල් කාර්ය මණ්ඩලය විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු ගෙල වැලළාගෙන මිය ගොස් සිටි බවත් සඳහන් වේ. මෙම සිදූවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වේ.
දමයන්ති
author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *