ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත හෙට සම්මත වෙයි ද

ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත හෙට සම්මත වෙයි ද

හෙට (සැප්තැම්බර් 10 ) ජනාධිපතිවරුන්ගේ, හිමිකම් පනත සම්මත වුවහොත් හිටපු ජනාධිපතිවරුන් හට දැනට භාවිතා කරන නිල නිවාස බාර දීමට සිදුවන බව අමාත්ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැති කැබිනට්
හමුවේ දී පවසා සිටියේය.


‘පනත් කෙටුම්පත හෙට සම්මත වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාට විජේරාම නිල නිවෙසින් එලියට බහින්න වේ’ දැයි මාධ්යවේදියකු ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යාවරයා මෙලෙස පැවසුවේය, මෙම පනත් කෙටුම්පත නිර්මාණය වූයේ මහින්ද රාජපක්ෂ මහතාව පමණක් කේන්ද්ර කොටගෙන නෙමෙයි……හිටපු ජනාධිපතිවරු රජයේ දේපළ අනිසි ලෙස භාවිතා කරන නිසයි, අනික රටේ ජනතාව වුවද, එය අනුමත කරන්නේ නැහැ.
කෙසේ වෙතත් හෙට දවස තුළ හිමිකම් පනත සම්මත වුවහොත් හිටපු ජනාධිපතිවරුන් හැම දෙනකුටම තමන් භාවිතා කරන නිල නිවාස බාර දීමට සිදුවන බව මෙහිදී කිව යුතු වෙනවා.


දමයන්ති

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *