හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධ 12 දෙනෙකුට මරණ දඬුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධ 12 දෙනෙකුට මරණ දඬුවම

2022 මැයි 09 වැනි දින රටපුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර නිට්ටඹුව ප්‍රදේශයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකුට දීර්ඝ නඩු විභාගයකින් පසු ගම්පහ මහාධිකරණ මරණ දඬුවම නියම කර ඇත.

නමුත් මෙම තීන්දුව ‘බෙදුණු තීන්දුවක්’ වූ අතර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාරගේ තීන්දුව වූයේ, විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට ය. එහෙත්, විත්තිකරුවන් 41 දෙනාගෙන් 16 දෙනෙකු වැරදිකරුවන් කරමින් සෙසු විනිසුරුවරුන් වූ රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල තීන්දුව ලබා දුන්හ.

එහිදී, වැරදිකරුවන් වූ 16 දෙනාගෙන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ සැකකරුවන් අද (11) උදෑසන ගම්පහ මහාධිකරණ නඩු විභාගයට ඉදිරිපත් කර කළේය.

පසුගිය ජනවාරි 14 වන දින, ගම්පහ මහාධිකරණ නඩු විභාගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (11) දක්වා කල් තැබීය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *