HIV/AIDS සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති කළ විශේෂ හෙළිදරව්ව

HIV/AIDS සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති කළ විශේෂ හෙළිදරව්ව

ඉදිරි මාස හතර සඳහා ඉල්ලුම සපුරාලීමට HIV/AIDS වැළැක්වීම සඳහා භාවිතා කරන පෙති 36,421ක් දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවත් එය අවශ්‍යතාව සහා ප්‍රමාණවත් බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළේය.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රී ලංකාව පුරා සායන 41ක් පවත්වන බව කී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සායනවල HIV/AIDS රෝගීන් 4,771ක්, සිෆිලිස් රෝගීන් 1,469ක් සහ හර්පීස් රෝගීන් 2,891ක් දැනට ප්‍රතිකාර ලබන බව ද අනාවරණය කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *